එංගලන්තේ කන්න නෑ… ප්‍රංශෙ තෙල් පෝලිම්…! ඒ රටවල් පාලනය කළෙත් රාජපක්ෂලා ද…?

October 18, 2022 at 8:37 am | by emanisa.lk

කොවිඩ් වසංගතයත් සමග ලොව සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මේ වන විට එංගලන්තයේ බිංදුවට පැවැති උද්ධමනය 10%ට ගොස් ඇති අතර එරට ජනතාවට සිය දරුවන්ට පාසල් දිවා ආහාරය ලබා දීමට නොහැකි මට්ටමට වැටී ඇති බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මේ වන විට ප්‍රංශයේ දැඩි තෙල් පෝලිම් නිර්මාණය වී ඇති බවත් ඒ රටවල් පාලනය කළේ ද රාජපක්ෂලා දැයි තමා ප්‍රශ්න කරන බවත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

යැපුම් ආර්ථිකයකට හුරු වූ ලංකාවට එම අර්බුදය දැඩි ලෙස දැනුණු බවත් එය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බවත් පවසන අලුත්ගමගේ, එහි ප්‍රතිඵලය ලෙස ගෝඨාභය රාජපක්ෂට ගෙදර යාමට සිදු වූ බව ද කීය.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය අමතමිනි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *