උසස් පෙළ සිසුන් බිල්ලට දෙන්න එපා..! – සජිත්…

September 3, 2023 at 7:44 pm | by emanisa.lk

අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වය නොසලකා හරිමින් ඉතා අසාධාරණ ලෙස ඔවුන්ගේ අනාගත ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කාලසටහන් සකස් කිරීමේ ම්ලේච්ඡ අරමුණක නිරතව සිටින බවට ද හෙතෙම චෝදනා කරයි.

රට අසීරු තත්ත්වයට ඇද දැමූ පාලකයන්ට වැදගත්ම අධ්‍යයන වර්ෂයේ පාසල් යෑමට තිබූ දින ගණන සීමා කිරීමෙන් ඇති වූ පාඩුව එම දරුවන් පිට හෝ ගුරුවරුන් පිට පැටවීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ තීරණය හේතුවෙන් දරුවන් විශාල පිරිසක් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව ද ඔහු සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *