උමා ඔය ප්‍රමාදයෙන් රටට රුපියල් කෝටි 4500ක පාඩුවක්…!

April 20, 2024 at 10:03 am | by emanisa.lk

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

එම බලපෑම් නිසා ප්‍රමාද වූ වසර පහේදී රටට රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *