උද්ඝෝෂණ කළා ම ජනපති ඉල්ලා අස්විය යුතු බවක් ව්‍යවස්ථාවේ නෑ…! – නිමල් සිරිපාල..

April 6, 2022 at 6:33 pm | by emanisa.lk

ජනතාව උද්ඝෝෂණ කළ විට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන විධි විධානයක් ව්‍යවස්ථාවේ නැති බවත් තමන් ඉල්ලා අස්වීම හෝ දෝෂාභියෝගයක් හැර ජනාධිපතිවරයෙක් ඉවත් කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ඉල්ලා අස් විය හැකි වුවත් ඔහුව ඉවත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයක් ගෙන ඒමට සිදුවන බවයි ඔහු කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස