මේ රටේ සියලු කොවිඩ් මරණවලට වගකිව යුතු ප්‍රධානම චූදිතයා සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණ සීමා බිඳිමින් මහ ජනතාව පාරට බස්සවා උද්ඝෝෂණ සංවිධානය කරමින් ජනතාව කොවිඩ් ආසාදනයේ ගොදුරු කිරීමට එම පක්ෂ කටයුතු කළ බවට ඇමැතිවරයා චෝදනා කරයි.
එහෙයින් මෙරට කවර තැනක හෝ කොවිඩ් ආසාදිතයකු මිය යයි නම් ඊට වගකිව යුතු ප්‍රධානම චූදිතයින් වන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව ඩී.බී. හේරත් පෙන්වා දෙයි.
කොවිඩ් අර්බුදය මැද විදේශ විනිමය හිඟ අවස්ථාවක පවා රටේ සංවර්ධන කටයුතු ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
විපක්ෂයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් වැරදිලාවත් මේ අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් බලයේ සිටියේ නම් රට විසාලා මහනුවරක් වන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.