උතුරු නැඟෙනහිර බෞද්ධකරණයට එරෙහිව විරෝධතා….!

February 3, 2021 at 3:12 pm | by emanisa.lk

දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමට සහ උතුරු නැඟෙනහිර බෞද්ධකරණයට එරෙහිව නැඟෙනහිර විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

දින තුනක් තිස්සේ විවිධ ස්ථානවල මෙම විරෝධතා පවත්වා ඇති අතර අද (03) පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පිරිසක් විරෝධතා පාගමනක යෙදිණි.

මේ දිනවල ප්‍ර දේශයට ඇද හැළෙන වැසි නොතකා පිරිසක් මෙලෙස විරෝධතා පාගමන යෙදී ඇත.

දෙමළ ජාතික සංවිධානය සහ උතුරු නැඟෙනහිර රාජ්‍ය නොවන සංවිධාන මගින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා එම්.ඒ. සුමන්දිරන්, රාසමානික්කම් සානක්‍යයන් සහ දෙමළ මුස්ලිම් පිරිසක් එක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස