උතුරු නැඟෙනහිර සියලු පාසල්වල දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර පවසයි.
එසේ ම ජාත්‍යන්තර පාසල්වල සහ පෞද්ගලික පාසල්වල ද සුපුරුදු ලෙස ඉගැන්වීම් කටයුතු සිදුවන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව මේ වන විට ගුරු වර්ජනය නිසා කිසිදු හව්හරණක් නොමැතිව අසරණ වී ඇත්තේ දකුණේ දකුණේ රජයේ පාසල්වල ඉගනුම ලබන දරුවන් පමණක් බව සරත් වීරසේකර සඳහන් කරයි.
දරුවන්ගේ අනාගතය ගැන සිතා සිය ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉගැන්වීම් කරන ගුරුවරුන්ට කිසිවෙකු වචනයකින් හෝ බලපෑම් කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.