උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන්න එපා…! – මහානාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්…

January 27, 2023 at 1:26 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සහ සංවර්ධන උදෙසා පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස සිව්නිකායික මහානායක හිමිවරු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එම ප්‍රදේශවල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සහ විහාරස්ථාන උදෙසා දානමාන ලබා දීමට බෞද්ධ ජනතා නොමැති බවත් එම ලිපිය මගින් සඳහන් කරයි.

උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරු විහාරස්ථානවල මෙන් ම ප්‍රදේශයේ ආරක්ෂාවට ද වැදගත් හෙයින් ඒවා ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස ද මහානාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන නාහිමි, අමරනිකායේ මහානායක දොඩංපහළ චන්ද්‍රසිරි නාහිමි, රාමාඤ්ඤ නිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමි මෙම ලිපිය සඳහා අත්සන් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *