උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය 27 වනදා රැස්වුණු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත.
උත්තර ලංකා සභාගයේ සභාපතිත්වය දරන්නේ හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය.
“නවය: සැඟවුණු කතාව” කෘතිය එළිදක්වන අවස්ථාවේ විමල් වීරවංශ සඳහන් කළේ විදෙස් බලවේග මැදිහත් වී ගොඩනැඟෙන දේශපාලන සන්ධාන පවා බිඳ දමන බවය.