ඊළම වෙනුවෙන් දෙමළ ජාතිකයන් 14600ක් ජීවිත පූජා කළා! ලංකාවට එරෙහිව වහාාම යුද අපරාධ විමර්ශනයක් කළ යුතුයි!

May 27, 2020 at 1:19 pm | by emanisa.lk

ස්වයං පාලන අයිතීන් දිනාගැනීමේ අරගලයේදී දෙමළ ජාතිකයන් 14600 ක් ජීවිත පූජා කර ඇති බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව සක්‍රීයව මැදිහත් විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රකාශ කරයි. පසුගිය මැයි 18 වැනිදාට යෙදී තිබුණ ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ සැමරුමට සමගාමීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කළ ප්‍රකාශයක් අන්තර්ජාලයට මුදා හරිමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන් විසින් සිදුකර ඇති විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර රජයේ හමුදාවන් විසින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි මෙහිදී අවධාරණය කරන මහ කොමසාරිස්වරිය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පැහැදිලි විමර්ශනයක් සිදුකර නොමැති බවද ප්‍රකාශ කරයි. එසේම දෙමළ ජාතිකයන් 8 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සෙබළකුට පසුගිය මාසයේදී ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ බවද ඇය සඳහන් කරයි.

එසේම දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයෙන්නේ නැති බවද පවසන ඇය 200 ක පමණ දෙමළ ජාතිකයන් පිරිසක් චෝදනා විරහිතව රඳවා තබාගෙන සිටින බවටද චෝදනා එල්ල කරයි. එමනිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ඒකාබද්ධ උත්සාහයක නිරත විය යුතු බවද මහ කොමසාරිස්වරිය සිය වීඩියෝවෙන් ඉල්ලීමක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස