ඊළඟ විධායක ජනාධිපති මමයි…! ආරාධනය පිළිඅරන් ඉන්දියාවේ ගියේ ඒකයි..! – අනුර…

February 11, 2024 at 11:08 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් සහාය ලබාගත හැකි බව ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිය ඉන්දීය සංචාරය නිමවා ඊයේ (10) දිවයිනට පැමිණි මොහොතේ හෙතෙම මාධ්‍ය වෙත පැවැසීය.

මේ වනවිට අප රට තුළ විශාල ප්‍රාග්ධනයක් නැති නිසා කලාපයේ බලවතා ලෙස ඉන්දියාවෙන් සහාය ලබා ගැනීම වඩාත් සුදුසු බවත් එහිදී තම ප්‍රතිපත්තිවලට යටත්ව එය සිදු කරන බව ද කීවේය.

පක්ෂයක් ලෙස කුමන මතවාද තිබුණ ද රටකින් ආරාධනා ලද විට එය පිළිගැනීම වරදක් නැතැයි ද ඉන්දියාවේ ආරාධනා ලද පළමු දේශපාලන පක්ෂය තම පක්ෂය නොවන බව ද සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල වෙනසක් සිදු වන බවත් එබැවින් ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කරගැනීම වැදගත් බව ද අනුර දිසානායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *