නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකි යැයිද උන්වහන්සේ කීහ.
එහෙත් ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසූ උන්වහන්සේ වර්තමානයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරමින් සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කළහ.
අතුරලියේ රතන හිමි මේ බව කියා සිටියේ රජයට එරෙහිව කොළඹ පැවති විරෝධතාවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.