දැනටත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ අපේ වැඩපිළිවෙළක් නොව විජාතික වැඩපිළිවෙළක් බව ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, පාලකයා කළු වුව ද ඇන්දේ සුදු වුව ද රට කරවන වැඩපිළිවෙළ රටේ නොවන බවත් රට ගොඩගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් උවමනා බවත්ය.
ඊළඟ මැතිවරණයේ දී ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියහොත් රට අතහැර යන බව ප්‍රකාශ කරන අය සිටින බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.