පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට නොපවත්වා යළිත් එම මැතිවරණය අප්‍රේල් මස පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කලද පළාත් පාලන මැතිවරණය පවත්වන බවට තම සන්ධානය තුළ කිසිදු විශ්වාසයක් නොමැති බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් පවසයි.
පලනි දිගම්බරම් නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමයේ කාන්තා දින උත්සවය දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින උත්සවය අමතමින් හෙතෙම ඒ බැව් පැවසිය.
වත්මන් රජය ඉදිරියේදි කුමන මැතිවරණයක් පැවැත්වුවද එම සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරනු ලබන්නේ සමගි ජන බලවේගය බවයි, පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
රටේ කාන්තාවන්ගෙන් වැඩියෙන්ම දුක් විඳින කාන්තාවන් වතුකරයේ සිටින බවත්, වතු කම්කරුවන්ගේ දු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔහුන් වෙනත් රැකියාවල නිරත කිරීමට වතුකරයේ වැඩ කරන කාන්තාවන් මේ වන විට පියවර ගෙන ඇති බවත් පලනි දිගම්බරම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.