ඊශ්‍රාලයේ ශ්‍රී ලාංකිකයින් 70%ක් ආරක්ෂිතයි…!

April 20, 2024 at 10:50 am | by emanisa.lk

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, 15% ක් පමණ කෘෂිකර්ම වැඩබිම්වල ද ඉතිරි පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල ද සේවය කරන බවයි.

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද, ඒ කලාපයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු ලක්ෂ එකහමාරකට වැඩි පිරිස වෙනත් ආරක්ෂිත ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇතැයි ද තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන බව ප්‍රකාශ කළ තානාපතිවරයා, පවතින තත්ත්වය මත කිසිවෙකු යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙස ද දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *