ඉස්ලාම් ආගමික විශ්වාසයට සංවේදී විය යුතුයි…! මෘතදේහ භූමදානයට ඉඩදිය යුතුයි..! – පාඨලී….

December 31, 2020 at 8:53 am | by emanisa.lk

වසංගත රෝග පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඇත්තේ සෞඛ්‍ය විශේෂඥයින්ට පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

Daily Mirror පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විශේෂඥයකු ලෙස සේවය කරන මහාචාර්ය මලික් පීරිස් පසුගිය දා මේ පිළිබඳ දේශනයක් කළා. ඔහු පෙන්වා දෙන ආකාරයට මෘතදේහයක කොරෝනා වෛරසය දින කිහිපයක් පවතිනවා. එහෙත් එම සිරුරු බහාළුම් කිහිපයක මැනවින් බහා කොන්ක්‍රීට් වළක භූමදානය කිරීමෙන් වෛරසය පරිසරයට මුසු වෙන්න ඇත්තේ ඉතා ම අවම ඉඩක්.

මහමද් ආගම්වල ආදාහනය පිළිගන්නේ නෑ. මෘතදේහය නැවත පොළොවට එකතු විය යුතු බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේ ම ඔවුන් නැවත උප්පත්තිය පිළිගන්නවා. අපි එවැනි විශ්වාසයන්ට ගරු කළ යුතුයි. විශේෂඥ අදහස් සහ ආගමික විශ්වාසයන් පදනම් කරගෙන ඒ සඳහා ක්‍රමවේදයක් සැකසීම ආණ්ඩුවේ වගකීමක්.

එහෙම නැතිව ආණ්ඩුව මුරණ්ඩු ආකාරයට කටයුතු කළ යුතු නෑ. තමන් අසරණ කර ඇති බව කිසියම් ජන කොටසකට හැඟුණොත් ඔවුන් ආණ්ඩුව පෙරළා දමන්න උත්සාහ කරනවා. අපි ජන කොටස් අතර විශ්වාසය වගේ ම සමාජ සාධාරණත්වයත් ආරක්ෂා කරගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස