අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව හෙට (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
පරිපූරක වෛද්‍ය සේවාව සහ හෙද සේවාව ඇතුළු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව කී රවී කුමුදේශ් මහතා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදී කණ්ඩායම් 16 ක සියලුම වෘත්තීයවේදීන් මෙම වරජනයට සහභාගී වන බව ද සඳහන් කළේය.
පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.