ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වීමට එරෙහිව යාපනයේ ධීවරයෝ යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ.
ඒ ඉන්දීය ධීවරයින් ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් මෙරට ධීවරයින්ගේ දැල් ආම්පන්න විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමිනි.
යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශවල ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව කලුකොඩි ඔසවමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිණි.
ඊයේ දින යාපනයේ ධීවරයින් බහුතරයක් සිය ධීවර කටුයුතුවලින් ඉවත්ව විරෝධතාව සඳහා සහය දැක්වීමද විශේෂත්වයක් විය.