ඉන්දියාව විශ්වාස කළ නොහැකි මිත්‍රද්‍රෝහියෙක්…! රාජපක්ෂලා චීන-පාකිස්තාන මිතුරන් වෙත ළං වීම සාධාරණයි…! – ඉන්දියාවේ දේශපාලනඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්….

February 27, 2021 at 6:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව චීනය සහ පාකිස්ථානය වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට රාජපක්ෂ පාලනයට චෝදනා කළ නොහැකි බව ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

“චීනය සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කිරීම සම්බන්ධව අපිට රාජපක්ෂලට ඇඟිල්ල දික් කරන්න බෑ.

දිගින් දිගට ම ශ්‍රී ලංකාව ඉල්ලූ ඉතාමත් කුඩා ඉල්ලීම් පවා ඉටු නොකළ, පොරොන්දු වූ කිසිවක් ඉටු නොකළ, උදව් අවශ්‍ය සෑම වෙලාවක ම ඔවුන් තනි කළ අපේ (ඉන්දියාවේ) හැසිරීම සම්බන්ධයෙන් විශ්වාසය තබා ගැනීම ඔවුන්ට තව දුරටත් කළ නොහැක්කකි.

මනව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාව ට උදව් නොකරන්නේ නම් එය අමාරුවේ වැටුණු මිතුරෙකුට අත දීමට අපට ඇති අවසන් අවස්ථාවත් නැති කරගැනීමයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *