ඉදිරි දෙසතිය අවදානම්….! ආසාදිතයින් 5%කට අසාධ්‍යයයි…! ඒ අතරින් 2%ක් මරුට….! 

July 6, 2021 at 10:17 pm | by emanisa.lk

කොවිඩ් රෝගය පාලන වැඩපිළිවෙල තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතා ම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

තවත් සති දෙකක් පමණ ගතවන විට රෝගය ආසාදනය වන සෑම 100 දෙනෙකුගෙන් ම 5 දෙනෙකු පමණ අසාධ්‍යවීමේ අවදානමක් පවතින බවට ඇය අනතුරු අඟවයි.

“තව සති දෙකක් ගතවන විට රෝගය ආසාදනය වෙන සෑම 100 දෙනෙකුගෙන්ම 5කට විතර අසාධ්‍යවීමේ අවදානමක් තියෙනවා. ඒකෙන් 2%ක් විතර මරණයට පත්වීමේ අවදානමකුත් තියෙනවා. අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි.”

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඒ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *