ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC තෙල් මිල ඉහළ නංවා ඇත.
ඒ අනුව ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ද ඉහළ දැමේ.
එය ඉතිහාසයේ එක වර වැඩා ම මුදලකින් තෙල් මිල ඉහළ නංවූ අවස්ථාවයි.
සති කිහිපයන් ඇතුළත IOC තෙල් මිල තෙවරක් වැඩි වුව ද සිපෙට්කො ඉන්ධන මිල මෙතෙක් ඉහළ නංවා නොමැත.
මේ නිසා සිපෙට්කො ඉන්ධන ඉල්ලුම තවත් ඉහළ යනු ඇති අතර අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා ලබන අලාභය තවත් ඉහළ යනු ඇත.