ඇෆලටොක්සින් අඩංගු තවත් බොහෝ ආහාර තිබෙනවා..! හෙළිකළොත් සමාගම් වැටෙන්න පුළුවන්..! ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ..!- ප‍්‍රමිති ආයතන ප‍්‍රධානී

April 4, 2021 at 5:04 pm | by emanisa.lk

ඇෆලටොක්සින් පිළිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙළඳපළේ ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සඳහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න පවසන්නේ එම ආහාර වර්ග හෙලිකළහොත් ඒවා නිෂ්පාදන සමාගම් බිඳ වැටීමට ඉඩ තිබෙන බවයි.

එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුළ අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බව ද ඇය සඳහන් කළා ය.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *