ඇස්ට්‍රාසෙනිකා අර්බුදය අවසන්….!හිඟ එන්නත් ලක්ෂ 06 දෙන්න ජපානය සූදානම්….!

June 9, 2021 at 5:08 pm | by emanisa.lk

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (09) පෙරවරුවේ පැවැති හමුවේ දී මේ බව අනාවරණය වී තිබේ.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *