ඇමැති සරත් සහ ඇමැති ලොකුගේ විවේචනය කළ ජගත් කුමාරට විනය පරීක්ෂණ…!

September 19, 2021 at 4:12 pm | by emanisa.lk

මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ සහ ගාමිණි ලොකුගේ අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතෙකු පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර එම මාධ්‍ය හමුව පවත්වමින් චෝදනා නඟා තිබිණි. අදාළ අමාත්‍යවරුන් එම චෝදනා ප්‍රතික්ශේප කළ තිබිණි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි. පක්ෂයේ විනය කමිටුව රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *