ඇමැති රාජ්‍ය ඇමැති 10ක් තවමත් මන්ත්‍රී නිවාස අල්ල ගෙන…!

September 25, 2021 at 8:21 am | by emanisa.lk

ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් හෙළි කරයි.

මේ අතර කැප්පෙටිපොළ මාවතේ ඇමැති නිල නිවාස (සමිට් ෆ්ලැට්) ලබා ගෙන සිටින ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ලයිස්තුව වහාම ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

එම ලයිස්තුව ඉල්ලා ඇත්තේ ඇමැති නිල නිවාස ලබා ගෙන සිටින්නේ කවුදැයි නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා ය.

ඇමැති නිල නිවාස ලබාගෙන නොමැති ඇමැතිවරුන්ට හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ලබාදීම ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *