ඇමැති බන්දුල දැඩි තීන්දුවක…! ආයතන දෙකක් අත හරී…!

October 2, 2021 at 2:33 pm | by emanisa.lk

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇතැයි වාර්තා වේ.

දැනට මෙම ආයතන දෙක පවතින්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යටතේ වුව ද බන්දුල ගුණවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස නිරීක්ෂණ මට්ටමෙන් ඒවායේ කටයුතුවලට සම්බන්ධ විය .

එසේ වුවද ඇමතිවරුන් දෙදෙනා තමන්ට බලපෑම් කළ බවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන කර ඇති ප්‍රකාශ සහ ඇතැම් පාර්ශ්වවලින් එල්ල වෙන චෝදනා සැලකිල්ලට ගනිමින් බන්දුල ගුණවර්ධන මෙම ආයතන දෙකේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *