ඇමැති ප්‍රසන්නට අත්හිට වූ සිරදඬුවම් සහ රු. මිලියන 25ක දඩයක්…!

June 6, 2022 at 7:39 pm | by emanisa.lk

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවමින් නියෝග කළේය.

ඒ, 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳී සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය ඇමැතිවරයාට නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කෙරිණි.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත් බවට චෝදනා කරමින් එම නඩුව කර තිබූ අතර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇමතිවරයා මෙසේ වරදකරු කරන ලද්දේ පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත්තේ යයි එල්ල වූ චෝදනාවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *