ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කටයුතු සඳහා සේවකයින් 4500ක් උවමනා නැති බවත් 500කින් ප්‍රමාණවත් බවත් පවසන අමාත්‍ය කාංචන විජේසේකරට එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු අවබෝධයක් නැතැයි සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමය පවසයි.
එහි සභාපති බන්දුල සමන් කුමාර පෙන්වා දෙන්නේ තමන් පෞද්ගලීකරණයට එරෙහි තම රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවන බවයි.
ඛනිජ තෙල් නැවත පෞද්ගලීකරණය නිසා බහුජාතික සමාගම් එම ව්‍යාපාරයේ ලාභය නැවත සිය රටවලට රැගෙන යන බව ද බන්දුල සමන් කුමාර ප්‍රකාශ කරයි.
ඇමැති කාංචන විජේසේකර ඛනිජ තෙල් පෞද්ගලීකරණයට උත්සාහ කරන්නේ විශාල කොමිස් කුට්ටියක් නිසා ද යන සැකය තමන්ට ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.