වර්තමාන රජයේ ඇමැති – රාජ්‍ය ඇමැතිවරුන් 10 දෙනෙකු සිය අමාත්‍ය ධුර සඳහා කොළඹ නගරයෙන් හිමි වන ඇමැති නිල නිවාස ද මන්ත්‍රී ධූර සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් හිමි වන නිවස ද නීති විරෝධී ආකාරයෙන් භාවිත කරන බව වාර්තා වෙයි.
ඇමැති ධූරයක් හිමි වූ පසු මන්ත්‍රී නිවාස භාර දී ඇමැති නිවාස සඳහා යාම සම්ප්රදාය වුව ද මේ ඇමැති පිරිස මන්ත්‍රී නිවාස භාර දීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. ඇමැතිවරු කොළඹ නිවසේ සිටින අතර මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසේ සිය ඥාතීන් සහ කාර්ය මණ්ඩල සඳහා වෙන් කර ඇතැයි දැනගන්නට තිබේ.
මෙය රාජ්‍ය දේපළ අවභාවිතයක් වන අතර පාර්ලිමේන්තු නිලධාරීන් අදාළ මන්ත්‍රී නිවාස ඉල්ලුව ද මෙතෙක් ඒවා ලබා දී නොමැත. මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අලුතින් මන්ත්‍රී නිවාස ඉල්ලුම් කර තිබේ. මෙම ඇමැති පිරිස මෙලෙස රාජ්‍ය දේපළ අයුතු ලෙස තම සුඛ විහරණය සඳහා යොදා ගන්නේ ඇමැතිවරුන් ලෙස විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳින අතර ය.