ආණ්ඩුවේ සියලු ම හොඳ දේවල් සඳහා තමන් උදව් කරන බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.
ඇමැති ධූරයක් ලබා දුනහොත් භාර ගන්නේ දැයි මාධ්‍ය විමසූ විට, ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ඉදිරියේ දී සලකා බලන බවයි.
මෑත කාලයේ රටේ වැඩිම කාලයක් ආණ්ඩු කළේ ශ්රීලනිපය ප්රමුඛ සංධාන බව පෙන්වා දුන් දුමින් දිසානායක, සියලු චෝදනා රාජපක්ෂවරුන්ට දැමිය නොහැකි බවත් ඔවුන් බලයට පත් කළ ඔවුන් රැක්ක ඔවුන් සමග ජනාධිපතිකම් කළ අය ද එහි වගකීම ගතයුතු බව ද ප්‍රකාශ කරයි.
හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (30) පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.