ඇමැතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන්න සූදානම්….! – ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට රතු එළි….

March 13, 2021 at 10:41 pm | by emanisa.lk

පහුගිය මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් නොලැබෙනු ඇතැයි කවුරුත් සිතූ බව ඇමැති මහින්ද අමරවීර පවසයි.

මුළු යාන්ත්‍රණය ම ශ්‍රීලනිපය පරාජය කිරීමට යෙද වූ බවත් ශ්‍රීලනිප කණ්ඩායම හැඳින්වූයේ උකුස්සන් යැයි කියා බවත් ඇමැතිවරයා සිහිපත් කරයි.

ශ්‍රීලනිපය ඉදිරියට තීන්දු තීරණ ගන්නේ ගම් මට්ටමින් බවත් ඇමැති අමරවීර අවධාරණය කරයි.

ගමේ ජනතාව ආණ්ඩුවෙන් ඉවත් වන්න, තනතුරු අත්හරින්න කියන්නේ නම් එම තීන්දුව ගැනීමට තමන් සූදානම් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *