ඇමරිකාව අවශ්‍යම මොහොතේ අහක බලයි…! ඉන්දියාවේ සහායට චීනය එයි…! ඔක්සිජන් ගුවනින් දිල්ලියට…!

April 26, 2021 at 1:56 pm | by emanisa.lk

කොවිඩ් වසංගතයෙන් දරුණු ලෙස බැට කන ඉන්දියාවට ආධාර කිරීමට චීනය ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඔක්සිජන් හිඟය නිසා සිය ගණනින් රට වැසියන් මිය යන ඉන්දියාවට වහා ම ඔක්සිජන් ලබා දීමට චීනය කටයුතු කර තිබේ.

ඉදිරි සතිය තුළ තවත් විශාල ඔක්සිජන් තොගයක් නවදිල්ලිය වෙත ගුවනින් එවීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි.

චීන – ඇමරිකානු බල අරගලයෙහි ඇමරිකානු හිතවතෙකු ලෙස ඉන්දියාව කටයුතු කළ ද මේ වන තෙක් ඇමරිකාව ඉන්දියාව වෙනුවෙන් කිසිදු උපකාරයක් සිදු නොකළ පසුබිමක චීනය සිය අසල්වැසියා වෙනුවෙන් පෙරට ඒම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස