දේශපාලනයේ අවාසනාවන්ත සලකුණක් වන බැසිල් රාජපක්ෂ නිවාඩුවට නැවත ලංකාවට එන බවට ආරංචියක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු සඳහන් කළේ, ඇමරිකන් පුරවැසි බැසිල් ලංකාවට එන විට ඔහුගේ වහල්ලු රැලක් පෙරහැරකින් පස්සෙන් ඒමට නියමිත බවයි.
මේ රට තව දුරටත් බැසිල් රාජපක්ෂට නිවාඩුවට පැමිණ අහිංසක ජනතාව රවටා බඩ වඩාගත හැකි තැනක් නොවන බව ද දිලිත් ජයවීර සඳහන් කළේය.
මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්රික් සමුළුව කෑගල්ල නගර ශාලාවේ දී අද (03) අමතමින් හෙතෙම මේ බව කීය.