ඇමති ලේකම් ජනපති නියෝගයට උඩින් යයි! මසකට ලක්ෂ හතරහමාරක කුළියට නිල රථයක් ගනී!

October 2, 2020 at 8:45 am | by emanisa.lk

මසකට රුපියල් හාරලක්ෂ විසිපන්දහසක කුලී පදනම මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් වාහනයක් ලබා ගෙන ඇති බව ලංකාදීප වාර්තා කරයි.

මෙම වාහනය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් වෙතින් ලබාගෙන ඇති අතර ඊට අදාළ ගිවිසුම සමාගම සහ කම්කරු අමාත්‍යාංශය අතර අත්සන් කර ඇතැයිද සඳහන්ය.

සැප්තැම්බර් මාසයේ සඳහා වූ එම වාහනය භාවිත කිරීම සඳහා වූ හාරලක්ෂ විසිපන් දහසක මුදලක බිල්පතක් අමාත්‍යාංශය වෙත එවා ඇති අතර ඒ සඳහා ගෙවීම් ද සිදු කර ඇතැයි පැවසේ.

කෙසේ වුවද ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික වාහන කුළියට නොගෙන රජයේ වාහන භාවිත කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස