මීගමුව රෝහලේ ළමා වාට්ටුව විවෘත කිරීම ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති අතර උත්සව සභාවට ඇමති පැමිණෙන විට එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා නික්ම ගොස් ඇත.
රෝහලේ උත්සවය පැවැත්වෙන අතර ප්‍රදේශවාසී ජනතාව ඇමති රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි උද්ඝෝෂණය කළ අතර ඇමතිවරයා රෝහල පිටුපස මෝචරි දොරටුවෙන් පිටව ගොස් තිබේ.