ඇප ලැබී දවස් 10යි…! කංජිපානී ඉම්රාන් ඉන්දියාවට පනී..!

January 1, 2023 at 10:15 am | by emanisa.lk

පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වශයෙන් චෝදනා ලබා සිටින මොහොමඩ් අහමඩ් නජී ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

The Hindu පුවත්පත සඳහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් රාමේෂ්වරම් ඔස්සේ ඉන්දියාවට ඇතුළු වී ඇති බව එරට බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තවත් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව පසු වූ කංජිපානි ඉම්රාන් ඇප මත නිදහස්ව තිබුණේ පසුගිය දෙසැම්බර් 20 වනදා ය.

ඇප කොන්දේසි අනුව ඔහු පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වුවත් ඔහු එය මඟහැර තිබීම හේතුවෙන් නැවත අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 29 වනදා නියෝගයක් ද නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *