ඇතැම් භික්ෂූන් නිසා බුදු දහම ඉක්මණින් වැනසෙනවා…! – අස්ගිරි නාහිමි…

March 30, 2024 at 12:38 pm | by emanisa.lk

වර්තමානය වන විට බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ මේ පිළිබඳ රජය දැනුම්වත් කිරීමත් සමඟ එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය.

ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

ඇතැම් භික්ෂුන් වහන්සේ විසින් සිදුකරන ක්‍රියා හේතුවෙන් බුදුදහම ඉක්මණින් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *