ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය වෙත පියවරක්… විදේශීය සිසුන්ට උපාධි දෙන්න අනුමතිය…!

July 16, 2024 at 2:45 pm | by emanisa.lk

මෙරට පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන 26ක් වෙත විදේශීය ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙමගින් ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගත හැකි බව හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලැබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193හි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත කරන අවම සුදුසුකම් මෙරට උපාධි පිරිනැමීමේ ආයතන මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම ලෙස සැලකීමට ද අනුමැතිය හිමිව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *