ආසියානු කිරුළ 08 වෙනි වරටත් ඉන්දියාවට…!

September 17, 2023 at 6:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයක් කරමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ අද (17) අද පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *