ආසාදිතයින්ගෙන් රෝහල් පිරිලා…! මරණ 60%කින් ඉහළ ගිහින්…! වහාම අර්බුදයට විසඳුම් දෙන්න…!

August 17, 2021 at 12:28 pm | by emanisa.lk

කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලට සීමාව ඉක්මවා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළත්කරගැනීම නිසා රෝහල් පද්ධතිය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට වහාම පිළියම් යොදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මේ වන විට රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස් භේදය පාලනය සඳහා දැඩි ලෙස පුද්ගල සංසරණය සීමා වන පරිදි රට සති කීපයකට වසා දැමිය යුතු බව සිය සංගමය මීට පෙර ද රජයට දැනුම් දී ඇති බවත් තීරණ ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය අඩපණ වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙයි.

‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 34 කින් පමණ වැඩිවීම, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම අන්කවර දිනකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී ඇති බව කී ලේකම්වරයා රජයේ සංඛ්‍යා ලේඛණ අනුව කොරෝනා මරණ සියයට 60 කින් වැඩිවීමෙන් ව්‍යසනයේ බරපතල බව මනාව පැහැදිලි වන බව ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *