කොරෝනා ආසාදිතයන් බස්නාහිර පළාත තුළ වාර්තා වීමේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් සමග රටේ තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීම නිසා මේ වන විට ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇතැයි සැක පහළ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුතගේ පෙන්වා දෙන්නේ ගිය සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටව යාම වැඩි විය හැකි බවය.
ඉදිරි සති දෙක කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ඉතා අවදානම් සහගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.