ආසාදිතයකුට දින 07කට පසු කොරෝනා බෝ කරන්න බෑ!

November 29, 2020 at 2:20 pm | by emanisa.lk

කොවිඩ් 19 වෛරසය බෝ වූ කෙෙනකුගේ ශරීරයේ දින 52ක කාලයක් වෛරසය පවතින නමුත් දින 7කට පසු එය තවත් කෙනකුට බෝකිරීමේ හැකියාවක් නැති බව විශේෂඥ වෛද්‍යවරුන් සොයා ගෙන තිබේ.

මේ බව රජයේ කොරෝනා මර්දන බලකායට ද දැනුම් දී තිබේ.

කෙනකුගේ ශරීරයේ පවත්නා වෛරස ප්‍රමාණයේ සී.ටී. අගය 32ට වඩා වැඩි අවස්ථාවල දී ද එම තැනැත්තා නිරෝගී පුද්ගලයකු ලෙස සැලකෙයි. එහෙත් දැනට ප්‍රකාශ වී ඇති ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණවල නිවැරදිතාව 70%ක් බව ද ඇතැම් අවස්ථාවල පරීක්ෂණ හතරකින් එකක් නිවැරදි නොවිය හැකි යැයි ද විශේෂඥවරුන් සඳහන් කර තිබේ.

එම නිසා හැකිතාක් රෝගය බෝවීම වළක්වා ගැනීම ජනතාවගේ වගකීමක් බව ද කොරෝනා මර්දන බලකායට පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *