රටේ ආර්ථික බර අදින ගාමන්ට් සේවකයින්ට විශේෂ එන්නත්කරණ වැඩසටහනක්….!

May 30, 2021 at 10:42 pm | by emanisa.lk

මෙරට ප‍්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල්හි සේවක සේවිකාවන් සඳහා කොවිඩ් පාලන විශේෂ එන්නත් වැඩසටහනක් ජුනි මස මුල් සතියේ සිට ක‍්‍රියාත්මක කිරීමට ජාතික කොවිඩ් පාලන මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත.

මේ වන විට ප‍්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් රැසකට කොවිඩ් රෝගය ආසාදනය වීම නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් මතු වීමේ අවදානමක් මතු ඇති බවත් එය වැළැක්වීමට මෙම පියවර ගනු ලබන බවත් එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් සඳහා චීනයෙන් ගෙන්වනු ලබන සයිනොෆාම් එන්නත ලබා දීමට ද යෝජනාවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *