ආර්ථික අර්බුදය හැදූ බැසිල් අපි ගෝඨා ලවා ම ගෙදර යැව්වා…! – ගම්මන්පිල…

November 30, 2022 at 4:37 pm | by emanisa.lk

වර්තමාන ආර්ථික අර්බුදයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහුට අවශ්‍ය වූයේ ආර්ථික අර්බුදය උත්සන්න කොට ගෝඨාභය ඉවත් වූ පසු පාර්ලිමේන්තු ඡන්දයකින් ජනාධිපති ධූරයට පත්වීම බව ද හෙතෙම සඳහන් කරයි.

තමන් රසායනික පොහොර තහනමට එරෙහි වූ විට බැසිල් රාජපක්ෂ ඊට පක්ෂ වූ බවත් ගෑස් ඉන්ධන පෝලීම් නිර්මාණය කළ බවත් උදය ගම්මන්පිල පෙන්වා දෙයි.

එහෙත් සිය අයියා වූ ගෝඨාභය රාජපක්ෂ ලවා ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති ධූරයෙන් පහ කිරීමට තමන්ට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ තමා මුදල් ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට මරණ මංචකයේ දී හෝ සමාව නොදෙන බව බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස් සමග පවසා ඇති බවත් උදය ගම්මන්පිල හෙළි කළේය.

ඊයේ (29) ගාල්ලේ පැවැති උත්තර ලංකා සභාගය ජන හමුවක් අමතමින් හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *