2022 ලෝක කුසගිනි දර්ශකයේ (Global Hunger Index) රටවල් 121ක් අතරින් ලංකාව 64 වන තැනට පත්ව තිබේ.
එම දර්ශකයෙහි සෙසු දකුණු ආසියානු රටවල් වන නේපාලය 81 වන ස්ථානට ද බංගලාදේශය 84 වන ස්ථානයට ද පාකිස්ථානය 99 වන ස්ථානට ද ඉන්දියාව 107 වන ස්ථානයට ද ඇෆ්ගනිස්ථානය 109 වන ස්ථානයට ද පත්ව තිබේ.
මන්දපෝෂණය, ළමයින්ගේ උස, ළමයින්ගේ මහත සහ ළමා මරණ යන නිර්ණායක මත ලකුණු 0 සිට 100 දක්වා එහි දී ලබා දී තිබේ.
ඒ අනුව බෙලරුස්, බොස්නියා, චිලී සහ චීනය යන රටවල් 17ක් ලකුණු 05ට අඩුවෙන් වාර්තා කරමින් එහි හොඳ ම රටවල් බවට පත්ව තිබේ. ලකුණු 45.1 ලබමින් යේමනය දර්ශකයේ අවසන් ස්ථානයට එනම් 121ක් වන ස්ථානයට පත්ව තිබේ. ලංකාවට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 13.6කි.
මේ අනුව දකුණු ආසියානු රටවල් අතර එම දර්ශකයේ ඉහළ ම ස්ථානය ලංකාවට හිමිව තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අතර ලංකාවට මෙම ස්ථානය හිමි වීම විශේෂත්වයකි.
අදාළ දර්ශක තොරතුරු පහත දැක්වෙයි.