ආර්ථිකය වැටුණත් රටේ ජනතාව සතුටින්..! ලෝක සතුටු දර්ශකයේ ලංකාව දෙවෙනි තැනට..!

March 11, 2024 at 3:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව යහපත් මානසික මට්ටමක් සහිතව ජීවත් වන ජනතාව (The Mental State of the World in 2023) වෙසෙන රටවල් අතර දෙවන ස්ථානයට පත්ව තිබේ. එම දර්ශකයේ ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය 89කි.

රටවල් 71ක් සම්බන්ධ කරගෙන පැවැත් වූ මෙම දර්ශකයේ පළමු ස්ථානයට ලකුණු 91ක් ලබා ගත් ඩොමිනිකන් ජනරජය පත්ව ඇති අතර ටැන්සානියාව (88), පැනමාව(85) සහ මැලේසියාව(85) පිළිවෙළින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථානවලට පත්ව තිබේ.

මෙම ලැයිස්තුවේ අවසාන ස්ථානය හෙවත් 71 වන ස්ථානය ලකුණු 48ක් ලබා ගත් උස්බෙකිස්ථානය ද ලකුණු 49ක් ලබා ගත් එක්සත් රාජධානියට 70 වන ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාව 61 වන ස්ථානයේ පසුවෙයි. නවසිලන්තයට 52 වන ස්ථානය ද කැනඩාවට 40 වන ස්ථානය ද ඇමරිකා එක්සත් ජනපදයට 29 වන ස්ථානය ද හිමිව තිබේ.

අදාළ වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *