බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
තමා දේශපාලන ජීවිතය ඇරැඹීමට බියගම ආසනයට එන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආයෝජන කලාපය පිහිටුවීම ඇතුළු එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලකදී විශාල දියුණුවක් ලැබූ බව කීය.
ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහල නංවා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.