ආයෝජන මණ්ඩලේ කෙරුමන්ට වැඩ බෑ..! විදෙස් ආයෝජකයෝ ලංකාවට නොඑන්නේ ඒකයි…! – සජිත්..

December 17, 2021 at 7:19 pm | by emanisa.lk

විදෙස් ආයෝජකයන් ලෝකයේ සෙසු රටවලට යෑමටත් ශ්‍රී ලංකාවට නොඑන්නටත් ආයෝජන මණ්ඩලයේ දුර්වලතා හේතු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සූරියවැව පැවති වැඩසටහනකට එක් වෙමින් ඊයේ (16) විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එකී දුර්වලතා කෝප් කමිටුව හමුවේ ප්‍රශ්න කරන විට ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු කණ්ඩායම කුපිත වූ බවත් හෙතෙම කීවේය.

බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන එම නිලධාරීන් ආයෝජනය මණ්ඩලයේ ඉලක්ක සපුරා ඇත්දැයි කෝප් කමිටුව සොයා බැලූ බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන් ඒ පිළිබඳ නොසතුටට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම්වලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අකමැති වූ බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කෝප් කමිටුවේ සාමාජිකයන් ඔවුන්ගෙන් සමාව ගත යුතු බවට අනතුරු ඇඟ වූ බව ද වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *