ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට සූදානම් වෙයි.
ඔවුන් විසින් ලබන සතිය වන විට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී හෙතෙම මේ බව පැවසීය.