ආනයන සීමා එපා! වෙළෙඳාම යනු අපි ඔබෙන් මිලට ගැනීම විතරක් නෙමෙයි! – යුරෝපා සංගමයෙන් ලංකාවට ලිපියක්…

November 19, 2020 at 1:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව වර්තමානයේ අනුගමනය කරන ආනයන සීමා ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පවසයි.

කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්ව එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2018/19 කාලය තුළදී යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 220ක ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලැබී ඇති බවය.

වෙළෙඳාම යනු එක් දිශාවකට ගමන් කරන්නක් නොවන බවත් වර්තමාන ආනයන සීමා ලංකාවේ මෙන් ම යුරෝපයේ ව්‍යාපාරවලට ද ඍජු ආයෝජනවලට ද අහිතකර ලෙස බලපාන බව ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස